මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු කොක්ගෙන් – වැඩිම කඩුලු සැන්ට්නර්ගෙන්

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පිත්තෙන් වැඩිම ලකුණු ලැබූ ලකුණුලාභියා ලෙස දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු ක්වයින්ටන් ඩී. කොක් පත් ව තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා කළ ඉනිම් 05 තුළ දී ලකුණු 407ක් ලබා ගනිමින්.

කොක් මෙම ස්ථානයට පත් වූයේ ඊයේ නිමාවට පත් වූ බංග්ලාදේශ – දකුණු අප්‍රිකා තරගයට එක්වෙමින්.

එහිදී කොක් දැක්වූ පිතිකරණයේ දක්ෂතා ලකුණු 174ක්.

ඒ පන්දු 140ක දියි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දීය පිතිකරු විරාට් කෝලිට හිමි ව තිබෙනවා.

කෝලි ද ඉනිම් 05ක දී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 354ක්.

රෝහිත් ෂර්මා මෙම ලැයිස්තුවේ තෙවැනි තැන ගෙන ඇත්තේ ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් පිතිකරණයේ මුල් අසුන් හිමිකර ගැනීම ද සංකේතවත් කරමින්.

එමෙන්ම පන්දු යවන්නන් අතර, ලෝක කුසලානයේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා ලෙස පත් ව ඇත්තේ නවසීලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මිචෙල් සැන්ට්නර් යි.

මිචෙල් ඉනිම් 05ක් තුළ කඩුලු 12ක් බිඳ දමා තිබෙනවා.

කඩුලු 11 බැගින් බිඳ දැමූ ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහ ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ අතර දකුණු අප්‍රිකාව ඊයේ පැවති තරගය ලකුණු 149කින් බංග්ලාදේශය පරදවා ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙන්නට සමත් ව සිටිනවා.

ඒ පැවති තරග 05න් 04ක ම ජයග්‍රහණය හිමිකරගනිමින්.

එහි පළමු තැන පැවති තරග 05 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10ක් සමගින් පෙරමුණේ පසුවන්නේ සත්කාරක ඉන්දියාව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33