spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු කොක්ගෙන් – වැඩිම කඩුලු සැන්ට්නර්ගෙන්

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පිත්තෙන් වැඩිම ලකුණු ලැබූ ලකුණුලාභියා ලෙස දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු ක්වයින්ටන් ඩී. කොක් පත් ව තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා කළ ඉනිම් 05 තුළ දී ලකුණු 407ක් ලබා ගනිමින්.

කොක් මෙම ස්ථානයට පත් වූයේ ඊයේ නිමාවට පත් වූ බංග්ලාදේශ – දකුණු අප්‍රිකා තරගයට එක්වෙමින්.

එහිදී කොක් දැක්වූ පිතිකරණයේ දක්ෂතා ලකුණු 174ක්.

ඒ පන්දු 140ක දියි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දීය පිතිකරු විරාට් කෝලිට හිමි ව තිබෙනවා.

කෝලි ද ඉනිම් 05ක දී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 354ක්.

රෝහිත් ෂර්මා මෙම ලැයිස්තුවේ තෙවැනි තැන ගෙන ඇත්තේ ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් පිතිකරණයේ මුල් අසුන් හිමිකර ගැනීම ද සංකේතවත් කරමින්.

එමෙන්ම පන්දු යවන්නන් අතර, ලෝක කුසලානයේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා ලෙස පත් ව ඇත්තේ නවසීලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මිචෙල් සැන්ට්නර් යි.

මිචෙල් ඉනිම් 05ක් තුළ කඩුලු 12ක් බිඳ දමා තිබෙනවා.

කඩුලු 11 බැගින් බිඳ දැමූ ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහ ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ද ඊට ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ අතර දකුණු අප්‍රිකාව ඊයේ පැවති තරගය ලකුණු 149කින් බංග්ලාදේශය පරදවා ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙන්නට සමත් ව සිටිනවා.

ඒ පැවති තරග 05න් 04ක ම ජයග්‍රහණය හිමිකරගනිමින්.

එහි පළමු තැන පැවති තරග 05 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10ක් සමගින් පෙරමුණේ පසුවන්නේ සත්කාරක ඉන්දියාව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?