මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින්ගේ සහාය නෑ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

කෙසේ වෙතත් මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් කිසිවෙක් සහභාගි නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය කියා සිටියේ.

එහෙත් මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව ද ඔහු පැවසුවා.

එම පිරිස අතර ජංගම නිරීක්ෂකයින් 800කට අධික පිරිසක් ඇතුළත් බවත් වාර්තා වනවා.

කැෆේ සංවිධානය, නිරීක්ෂකයින් 1250 දෙනෙකු යොදවන බව, එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් විසින් නිරීක්ෂකයින් 200ක් යෙදවීමට නියමිතයි.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, ජංගම නිරීක්ෂණ රථ 50 ක් ද, ඒ සඳහා යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?