මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින්ගේ සහාය නෑ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

කෙසේ වෙතත් මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් කිසිවෙක් සහභාගි නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය කියා සිටියේ.

එහෙත් මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව ද ඔහු පැවසුවා.

එම පිරිස අතර ජංගම නිරීක්ෂකයින් 800කට අධික පිරිසක් ඇතුළත් බවත් වාර්තා වනවා.

කැෆේ සංවිධානය, නිරීක්ෂකයින් 1250 දෙනෙකු යොදවන බව, එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් විසින් නිරීක්ෂකයින් 200ක් යෙදවීමට නියමිතයි.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, ජංගම නිරීක්ෂණ රථ 50 ක් ද, ඒ සඳහා යොදවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50