මෙරට මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් 04ක් නාවික හමුදාව බේරාගනී

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාවට ඊයේ (06) හැකිව තිබෙනවා.

2025 ජුනි මස 29 වන දින සිට ඉන්දියානු ධීවර යාත්‍රාවක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමක් ලෙස ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සේවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් මඟින්, හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබූ එම ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්‍ෂණය කළ නාවික හමුදාව, එහි සිටි ඉන්දීය ධිවරයින් සිව්දෙනා නිරුපද්‍රිතව මෙලෙස මුදාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වී ඇති අතර, එම පිරිස දික්ඕවිට වරායට රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය විසින් සිදු කෙරුණා.

අනතුරුව සිදුකළ මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව, එම ඉන්දීය ධිවරයින් සිව්දෙනා ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08