මෙරට තුළ වැඩිහිටි අධ්‍යාපනයට අඩු බර තැබීමක් ගැන චෝදනාවක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අධ්‍යාපන සංවර්ධන සන්ධානය සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

අධ්‍යාපනය යනු විධිමත් ක්‍රමයකින් ලබාගන්නා දෙයක් බවට ඇතැම් පිරිසක් විශ්වාස කරනු ලබනවා.

කෙසේ වෙතත් වැඩිහිටි අධ්‍යාපනය යනු එම සීමාවෙන් ඔබ්බට ගොස් ඇති එකක් බවයි, මහචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ජීවිත කාලය පුරාවට අධ්‍යාපනය ලබාගත යුතු බවත් එය දැනුම යන සාධකයකට පමණක් සීමා කෙරෙනවා.

මෙරට තුළ වැඩිහිටි අධ්‍යාපනය ලබාදීමට ආයතන රැසක් තිබුණ ද, ඔවුන් ද දැනුම නමැති සාධකයට පමණක් කොටු වන බවයි, සාගර චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේ.

“වැඩිහිටි අධ්‍යාපනය කියලා කියන්නේ, විධිමත් ආකාරයට වෙන්න පුළුවන්. අවිධිමත් වෙන්නට පුළුවන්. ඒක අපි කතා කරන විදිහට පන්ති කාමරවල වාඩිවෙලා උදේට ඇවිත් හවස යන ක්‍රමයක් නෙවෙයි. දෛනික ජීවිතයේ කරන වැඩ කටයුතු සාර්ථකව කරගන්නේ කොහොමද.? නිවැරදි ආකාරයෙන්  කරගන්නේ කොහොමද තමන්ගේ අරමුණුවලට යන්නේ කොහොමද කියන එකයි මෙතැනදී අදහස් කරන්නේ.”

වැඩිහිටි අධ්‍යාපනය තුළින් ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි බැවින් එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට ඇතුළත් කළ යුතු බව ද මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා කියා සිටියා.

වැඩිහිටි අධ්‍යාපනය යනු ජීවිත කාලය පුරාම ඉගෙනීම සදහා කුසලතා, දැනුම සහ වටිනාකම කුමානුකූලව අත්පත් කරගැනීමයි.

ඊට සාක්ෂරතා වැඩසටහන්, වෘත්තීය පුහුණුව සහ ජීවන කුසලතා ඇතුළත් වන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි සාක්ෂරතා අනුපාතය සියයට 92ක් වූවත් ඊට කාර්යබද්ධ සාක්ෂරතාව ඇතුළත් නොකර ඇති බවයි මහචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ග්‍රාමීය දරිද්‍රතාව සහ ඌන සේවා නියුක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා වැඩිහිටි අධ්‍යාපනය ඉතා වැදගත් වනවා.

එම අධ්‍යාපනය තුළින් දැනුවත් පුරවැසියින් බිහිවීම, විරැකියාව අඩුවීම සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කරනු ඇති.

විවිධ අවශ්‍යතා, දැනුම් මට්ටම්වල සිටින වැඩිහිටියන් සිටින බැවින් ඔවුන්ට මෙම අධ්‍යාපනය ලබාදිය යුතු ක්‍රමවේදය සකස් කළ යුතු බවයි මහාචාර්යවරයා අවධාරණය කළේ.

ග්‍රාමීය මට්ටමින් සේවය සැපයීමට රාජ්‍ය නිලධාරින් 12කට වැඩි පිරිසක් සිටින බවත්, ඔවුන් මාර්ගයෙන් මෙම අධ්‍යාපන වැඩසටහන දියත් කළ හැකියි.

මේ අතර එක්සත් ජාතීන් විසින් සම්මත කර ගැනුණු තිරසාර සංවර්ධන අරමුණු අංක 04 ට අයත් අධ්‍යාපන ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ජීවිත කාලය පුරාම ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

කෙසේ වෙතත් පසුගිය රජය විසින් හඳුන්වා දුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳව කිසිදු සඳහනක් නොවූ බවයි ආචාර්ය චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදුකරන ලබන ආයෝජන පසුගිය වසර කිහිපය තුළ දී ක්‍රමිකව අඩුවීමේ ප්‍රවණතාවයන් දක්නට ලැබෙනවා.

2022 වසරේ දී අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබුනේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.6ක් වැනි සුළු ප්‍රමාණයක් බව සඳහන්.

2023 වසරේ අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 530ක් වෙන් කෙරුණු අතර මෙම මුදලින් 70ක් පමණ වේ කර ඇත්තේ සාමාන්‍ය විධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්.

මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ නොවිධිමත් සහ වැඩිහිටි අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක් වී ඇති බව ද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වවල අදහස් සහ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම සිය සංවිධානය නිරන්තරයෙන් අවධාරණය කරන බව ද ආචාර්ය චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58