මෙරට කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (22) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,086කි.