මෙරට කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය නතර කරන්නැයි ජගත් සංවිධානය ඉල්ලයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කරලීමේ පිලිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා.

ජගත් මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් එහිදී ලක් රජය වෙත ප්‍රකාශ කරන්නේ එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් නියත වශයෙන් ආදාහනය කරලීම මෙරට මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.

එමඟින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ව විනිශ්චයන්, අසහනය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය බවට සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ එකම විකල්පය ලෙස ලක් රජය සලකන්නේ එම සිරුරු ආදාහනය කිරීමයි.

එහෙත් එම සිරුරු මිහිදන් කිරීම කොරෝනා වෛරස් හෝ අනෙකුත් බෝවන රෝග ප්‍රචාරණයේ අවදානම ඉහළ නංවන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර නැහැ.

මේ නිසා එම සිරුරු නියත වශයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි ජගත් සංවිධානය හඳුන්වන්නේ.

එබැවින්, එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?