මෙරට කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය නතර කරන්නැයි ජගත් සංවිධානය ඉල්ලයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කරලීමේ පිලිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා.

ජගත් මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් එහිදී ලක් රජය වෙත ප්‍රකාශ කරන්නේ එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් නියත වශයෙන් ආදාහනය කරලීම මෙරට මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.

එමඟින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ව විනිශ්චයන්, අසහනය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය බවට සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ එකම විකල්පය ලෙස ලක් රජය සලකන්නේ එම සිරුරු ආදාහනය කිරීමයි.

එහෙත් එම සිරුරු මිහිදන් කිරීම කොරෝනා වෛරස් හෝ අනෙකුත් බෝවන රෝග ප්‍රචාරණයේ අවදානම ඉහළ නංවන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර නැහැ.

මේ නිසා එම සිරුරු නියත වශයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි ජගත් සංවිධානය හඳුන්වන්නේ.

එබැවින්, එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33