මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන අසුබ ආරංචියක්

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණවල ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 1940 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, පසුගිය 27 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 63 ක්ද ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1940 දෙනා අතරින් 1,919 දෙනෙකු  අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා. 

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 21 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ තුන්ලක්ෂ 1,832 ක් ලෙසයි. සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 71,855 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 25782 ක්. පසුගිය 27 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,258 ක් ලෙසින්. ඒ අතර කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සිටිනවා. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ටද වැඩි වශයෙන් වෛරසය ආසාදනය වන තත්ත්වයක් උද්ගතව ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21