මෙරට කතුන් නීති විරෝධීව ඕමාන් යැවූ මහ මොළකරු ගුවන්තොටේ දී අත්අඩංගුවට (වීඩියෝ)

ඩුබායිහි විදේශ රැකියා සඳහා කාන්තාවන් පිටත් කර යවා, නීති විරෝධී ලෙස එම කාන්තාවන් ඕමාන් බලා රැගෙන ගිය පුද්ගලයෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕමානයේ රැකියා සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණා.

ඒ, අනුව අද (19) උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේ දී මොහුව අත්අඩංගුවට ගෙන කටුනාය පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි විදේශීය රැකියා නියෝජිත ආයතන හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා හරහා ලංකාවට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යොමු කර තිබෙනවා.

එතැන් සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය වන ආකාරයට කාන්තාවන් ඕමානය බලා රැගෙන ගොස් ඇති බවයි මේ වන විට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් වන චෝදනා ගොනු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47