spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කතුන් නීති විරෝධීව ඕමාන් යැවූ මහ මොළකරු ගුවන්තොටේ දී අත්අඩංගුවට (වීඩියෝ)

ඩුබායිහි විදේශ රැකියා සඳහා කාන්තාවන් පිටත් කර යවා, නීති විරෝධී ලෙස එම කාන්තාවන් ඕමාන් බලා රැගෙන ගිය පුද්ගලයෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕමානයේ රැකියා සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණා.

ඒ, අනුව අද (19) උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේ දී මොහුව අත්අඩංගුවට ගෙන කටුනාය පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි විදේශීය රැකියා නියෝජිත ආයතන හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා හරහා ලංකාවට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යොමු කර තිබෙනවා.

එතැන් සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය වන ආකාරයට කාන්තාවන් ඕමානය බලා රැගෙන ගොස් ඇති බවයි මේ වන විට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් වන චෝදනා ගොනු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?