මෙරට එන්නත්කරණය ගැන විශේෂ නිවේදනයක්

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අද වන විට කොවිඩි 19 එන්නත්කරණය ඉතාමත් අවිධිමත් හා අක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව දෛනිකව සිදුවන සිදුවීම් දෙස බැලීමේදී පෙනී යයි.

මේ හේතුවෙන් අප රටේ සාමාන්‍ය ජනතාවට දැඩි අපහසුතාවයන්ට හා කොවිඩි වසංගතයේ ගොදුරු බවට පත්වීමේ අවදානමට ද මුහුණ දීමට සිදුවී ඇත.

එමෙන්ම අද වනවිට අප සිටිනුයේ කොවිඩ් වසංගතයේ මෙතෙක් අප රට මුහුණ දුන් අතිශය බැරෑරුම් අවස්ථාවක බව පැහැදිලිය.

මේ වනවිට දෛනිකව වාර්ථාවන රෝගීන් ගණන හා දෛනිකව මියයන කොවිඩි 19 රෝගීන් ගණන ගැන සලකා බැලීමේදී අප සිටින බැරෑරුම් මට්ටම තේරුම් ගත හැකිය.

අද වන විට 9000 ට අධික කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්ථා වී ඇති අතර එයින් 50% ක් වාර්ථා වී ඇත්තේ අගෝස්තු මාසයේ වීම තුල තත්වයේ බරපතල බව පැහැදිලි වේ.

ප්‍රමාද වී ආරම්භ කල කොවිඩ් 19 එන්නත්කරණය සඳහා මුල සිටම විනිවිද භාවයෙන් යුතු ඉලක්කගත නිශ්චිත ක්‍රියාකාරී වැඩපිළිවලක් නොතිබුනි.

අප රටේ එන්නත් කරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩි 19 එන්නත්කරණ සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ වලට අනුකුලව නොවේ.

එම නිසා අද වනතුරු අධි අවදානම් වයස් කාණ්ඩය ලෙස සැලකෙන අවුරුදු 60 ට වැඩි සියලු ජනතාවට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අපොහොසත් වී ඇත.

එහි ප්‍රතිඵලය ලෙස අද වන විට කොවිඩි 19 වැළඳීමෙන් අවුරුදු 60 ව වැඩි ජනතාව මියයාම වැඩි වී ඇත. කොවිඩ් වැළඳී මියයන ජනතාවගෙන් 70% – 80% පමණ අවරුදු 60 ට වැඩි ජනතාව බව සංඛ්‍යා ලේඛණ මගින් පැහැදිලි වේ.

එමෙන්ම මිය යන ජනතාවගෙන් 90% ක් පමණ පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් නොවූ පිරිස බව තහවුරු වේ.

අද වන විට විධිමත් කොවිඩි 19 එන්නත්කරණය තුලින් ලෝකයේ බොහෝ රටවල් මරණ අනුපාතය අඩුකර ගෙන ඇත.

නමුත් අප රටේ එන්නත්කරන වැඩසටහනට එම තත්වය ලඟාකර ගැනීමට නොහැකි වී ඇත. නිසි විද්‍යාත්මක ක්‍රමවේද පදනම්ව එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක නොවීම සහ දුර්වල සංවිධාන තත්වය හේතුවෙන් කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය අද වනවිට බිඳී ගොස් ඇත.

අවිධිමත් ලෙස විශාල වශයෙන් ජනතාව ඒකරාශී කරමින් පුද්ගල දුරස්ථභාවය පවා නොතකමින් සිදු කරන එන්නත්කරණ වැඩසටහන් හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් ඇත.

වර්තමානයේ සිදුවන සිදුවීම් දෙස ගැඹුරින් විමසා බැලීමේදී මෙසේ එන්නත්කරණ වැඩසටහන අර්බුධයට ලක්වීමට ඉඩ හැර එය සෞඛ්‍ය අංශවලින් ඉවත් කිරීමට සැලසුම් කරන්නේ දැයි සාධාරණ සැකයක් උපදී. ෆයිසර් එන්නත් ලබාදීම සෞඛ්‍ය අංශවලින් ඉවත් කර හමුදාවට ලබා දීම මඟින් එය තහවුරු වේ.

කොවිඩ් 19 එන්නත්කරන වැඩසටහනේ ඇති අඩුපාඩු කඩිනම්ව නිවැරදි කර එය ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය බව අප විසින් මුල සිටම පෙන්වා දුනි. නමුත් එම තත්වය නිවැරදි කිරීම වෙනුවට තවදුරටත් අර්බුධය උග්‍රවීමට ඉඩහැර වසංගත විද්‍යා අංශය ප්‍රමුඛ සෞඛ්‍ය අංශවලින් කොඩ්ඩි එන්නත්කරනය ඉවත් කිරීමේ සැලස්මක් ක්‍රියාත්මක වනවාදැයි සාධාරණ සැකයක් උපදී. එබැවින් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව සලකා බලා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂම, පාරදශ්‍ය හා ඉලක්කගත වැඩසටහනක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවය බව දැඩිව අවධාරණය කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා

ලේකම්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34