මෙරට ඉදි වූ ප්‍රථම ප්‍රජා ස්වේච්ඡා මධ්‍යස්ථානය ඌව වෙල්ලස්සෙන් ඇරඹෙයි

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක් තුළ ඉදි වූ ප්‍රථම ප්‍රජා ස්වේච්ඡා මධ්‍යස්ථානය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ස්වේච්ඡා මධ්‍යස්ථානය ඊයේ දිනයේ දී විවෘත වුණු බවයි.

මෙම නව වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන් ම තරුණ සේවා සභාවෙන් දායකත්වය සපයනවා.

නව ප්‍රජා මධ්‍යස්ථානය මගින් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් මෙන් ම ඌව පළාතේ සමස්ත ප්‍රජාව ස්වේච්ඡා කටයුතු වෙත යොමු කිරීම මගින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

ස්වේච්ඡා කටයුතු සඳහා ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධීකරණය, ස්වේච්ඡා කටයුතුවල නියැලෙන්නන් දිරිමත් කිරීම වැනි කාරණා සඳහා ද මෙය බලපානු ඇති.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මියයි.

ඊට අමතර ව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපතො මහාචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර ද එක් ව සිටියේ තවත් පීඨාධිපතිවරුන් රැසක් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03