මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු මතු වෙමින් තිබෙන බව ආසියානු සංවර්ධන බැංකු වාර්තාවක් පෙන්වා දෙනවා.

“ආසියානු සංවර්ධනය 2024 ඉදිරි දැක්ම අප්‍රේල්” නවතම ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ ශක්තිමත් සංචිත සහ රුපියලේ අගය ඉහළ යාමත් සමඟ මේ තත්ත්වය මතුව ඇති බවයි.

2024 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුව කලාපයේ රටවල් තිස් හතක් ඉලක්ක කරමින් නිකුත් කර ඇති මෙම ප්‍රකාශනයේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී දළ දේශීය නිෂ්පාදනයේ පෙන්නුම් කළ පසුගාමී තත්ත්වය මේ වසර තුළ දී යථාවත් කරගෙන තිබෙනවා.

මෙම අපගමනය 2023 වසරේ දෙවන කාර්තුවේ දී යම් තරමකින් පිළිසකර වූ බව පෙන්වා දෙන ආසියානු සංවර්ධන බැංකු වාර්තාව සඳහන් කරන්නේ එම තත්ත්වය 2024 සහ 2025 වසර වල දී අඛන්ඩව පවතිනු ඇති බවටයි.

කෙසේ වෙතත් මෙම වාර්තාව අවධාරණය කරනුයේ ඉදිරියේ එළඹෙන මැතිවරණ කාලසීමාවන් හේතුවෙන් ලබාගත් ආර්ථික ප්‍රකෘතිය අඩපන වීමට ඉඩ නොදී මෙම ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රමාද නොකළ යුතු බවයි.

එමෙන්ම කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා 2023 දෙවන භාගයේ වර්ධනයක් වාර්තා කළ අතර, ඉලක්කම් දෙකේ සීමාවේ පැවති උද්ධමනය පහළ බැසීම ද මේ වාර්තාව පවසනවා.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකු වාර්තාව මගින් පෙන්වා දෙන්නේ චීන මහජන බැංකුවේ මුදල් හුවමාරුව හරහා ලද මූල්‍ය සංචිත හැර නිල සංචිත අරමුදල් ඩොලර් මිලියන 500 සිට 2023 දෙසැම්බර් අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3.0 දක්වා ශක්තිමත් වීම යහපත් තත්ත්වයක් බවයි.

මේ සඳහා විදේශ විනිමය ගලා ඒම වැඩිවීම, වාණිජ සහ නිල ද්විපාර්ශ්වික රාජ්‍ය ණය සේවා අත්හිටුවීම, ආදිය උපකාරී වී ඇති බවයි එම වාර්ථාව පෙන්වා දෙන්නේ.

මීට අමතරව 2022 වසරේ දී තියුණු ලෙස අවප්‍රමාණ වූ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 12.1කින් අගය වැඩිවීම ද සාධනීය ලක්ෂණයක් ලෙසයි 2024 ආසියානු සංවර්ධන බැංකු පෙර දැක්ම වාර්තාව පෙන්වා දෙන්නේ.

2023 සැප්තැම්බරයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධ විනිශ්චය වාර්තාවක් නිකුත් කරන ලද අතර ආසියානු කලාපයේ රටක් ඉලක්ක කර එවැනි වාර්තාවක් සැපයූ පළමු අවස්ථාව ද එය වනවා.

එම වාර්තාවට අනුව මෙරට ආර්ථික සහ දේශපාලනය පරිපාලන බිඳ වැටීම්, රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතළ දූෂණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර 2024 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් එම වාර්තාව හරහා අවධාරණය කර තිබූ ගැටළු විසඳීමට ක්‍රියාකාරී සැලැස්මක් ද නිකුත් කළා.

එමෙන්ම පසුගිය කාළ සීමාව තුළ අයහපත් කාලගුණය කෘෂි අංශයේ ක්‍රියාකාරිත්වය අඩපණ කළ ද කෘෂිකර්මාන්තය 2023 දී 2.6% කින් වර්ධනය වී ඇති බවයි මේ වාර්තාව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් නිෂ්පාදන අංශය 3.2% කින් සහ ඉදිකිරීම් 20.8% කින් පහළ වැටීම නිසා සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රය 9.2% කින් හැකිලී ගිය බව පවසන මේ වාර්තාව සඳහන් කරන්නේ ඉහළ බදු සහ අඩු ඉල්ලුම හේතුවෙන් ඒ තත්ත්වය තවත්
බරපතල කළ බවයි.

නැවතත් සංචාරක පැමිණීම් වැඩිදියුණු වීම සමඟ නවාතැන් සහ ආහාර පාන සේවා 26.0% කින් වැඩි වුව ද, සමස්ත සේවා අංශය 0.2% කින් පහත වැටීමට ඉහළ සෘජු හා වක්‍ර බදු වලින් ඇති වූ බලපෑම හේතු කාරක වූ බවයි ආසියානු සංවර්ධන
බැංකුවේ “ආසියානු සංවර්ධනය 2024 ඉදිරි දැක්ම අප්‍රේල්” ප්‍රකාශනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40