සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටි ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන අයෙකුව මෙම මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා 09 වැනිදා නියම කර ඇත.
මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි 24 හැවිරිදි අයෙකුවය.
සිද්ධියට මුහුණ දී ඇති 30 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණිය තම පෙම්වතා සමග ඉකුත් 06 වැනිදා සංචාරයක් සදහා මෙටට පැමිණ ඇත.ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ සැකකරු සේවය කරමින් සිටි සංචාරක හෝටලයේය.
ඉකුත් 07 වැනිදා අළුයම් කාලයේ ඇය නිදා සිටි කාමරයට හොර රහසේ ඇතුළු වී ඇති සැකකරු ඇයගේ ඇදුම් ඔසවා රහස් ප්‍රදේශය ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇත.පසුව එම තරුණිය මේ බව හෝටලයේ කළමණාකාරීත්වය දැණුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් 08 වැනිදා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.




