මෙම වසරේ රේගු ආදායම ගැන අනාවරණයක්

මෙම වසරේ දෙසැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 2371.2ක ආදායමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු විසින් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.

එය මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක ගත රේගු ආදායමට වඩා රුපියල් බිලියන 255.3 කින් වැඩි බවයි අද (15) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම වර්ෂය අවසන්වන විට ඉලක්ක ගත රේගු ආදායම ඉක්මවා රුපියල් බිලියන 300ක පමණ ආදායම උපයා ගත හැකි බවයි ඔහු පුරෝකථනය කරන්නේ.

වාහන ආනයන සඳහා රජය විසින් අවසර ලබාදීම මෙලෙස ඉහළ රේගු ආදායම උපයා ගැනීමට ප්‍රධාන සාධකයක් වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?