මෙක්සිකෝවේ එන්සෙනාඩා හි පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතර තුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
මෝටර් රථ ධාවන තරඟය අතරතුර, අළු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
එරට වේලාවෙන් සෙනසුරාදා සවස 2:18ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
2
+1
+1
+1
4





