මෘත ශරීරයක් ප්‍රධාන මාර්ගයක් වසයි (ඡායාරූප)

දික්ඔය ඇළට පැන සියදිවි හානි කරගත් එක්දරු පියා ජීවිතක්ෂයට පත් වීමට පෙර පහර දුන් සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට බල කරමින්; ඥාතීන් සහ වතු කම්කරුවන් දේහය ප්‍රධාන මාර්ගයේ තබා ගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට ඉකුත් (11) දින පැන සියදිවි හානි කරගත් චන්ද්‍රසේකරන් සුරේෂ් (28) නමැති එක් දරු පියාට සියදිවි හානි කර ගැනීමට ප්‍රථම කිසියම් පිරිසක් පහර දී ඇති බවයි මියගිය පුද්ගලයාගේ හිතවතුන් චෝදනා කරන්නේ.

ඊට වගකිව යුතු පිරිස් වහාම අත් අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට පොලිසිය පියවර නොගත් බවට පවසමින් අද දහවල් පැයකට ආසන්න කාලයක් දේහය ප්‍රධාන මාර්ගයේ තබා ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

අධික ලෙස බීමත් ව සිටි චන්ද්‍රසේකරන් සුරේෂ් යන අය හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත් ව සිටියදී කිසියම් පිරිසක් ඔහුට පහර දී ඇති බවත්, ඉන් අනතුරුව බස් රථයකින් නිවස කරා යමින් සිටි ඔහු සිත් තැවුලට පත් ව දික්ඔය ඇළට පැන සියදිවි හානි කරගෙන ඇති බවත් වතු ප්‍රජාව පවසනවා.

හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව දික්ඔය ඇළෙහි තිබී මියගිය තරුණයාගේ සිරුර 12 වැනි දින ගොඩට ගනු ලැබුවා.

දේහය පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඔස්බොන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දේහය පැයකට ආසන්න කාලයක් මාර්ගයේ රඳවා විරෝධතාවේ නියැලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?