මෘත ශරීරයක් ප්‍රධාන මාර්ගයක් වසයි (ඡායාරූප)

දික්ඔය ඇළට පැන සියදිවි හානි කරගත් එක්දරු පියා ජීවිතක්ෂයට පත් වීමට පෙර පහර දුන් සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට බල කරමින්; ඥාතීන් සහ වතු කම්කරුවන් දේහය ප්‍රධාන මාර්ගයේ තබා ගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට ඉකුත් (11) දින පැන සියදිවි හානි කරගත් චන්ද්‍රසේකරන් සුරේෂ් (28) නමැති එක් දරු පියාට සියදිවි හානි කර ගැනීමට ප්‍රථම කිසියම් පිරිසක් පහර දී ඇති බවයි මියගිය පුද්ගලයාගේ හිතවතුන් චෝදනා කරන්නේ.

ඊට වගකිව යුතු පිරිස් වහාම අත් අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට පොලිසිය පියවර නොගත් බවට පවසමින් අද දහවල් පැයකට ආසන්න කාලයක් දේහය ප්‍රධාන මාර්ගයේ තබා ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

අධික ලෙස බීමත් ව සිටි චන්ද්‍රසේකරන් සුරේෂ් යන අය හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත් ව සිටියදී කිසියම් පිරිසක් ඔහුට පහර දී ඇති බවත්, ඉන් අනතුරුව බස් රථයකින් නිවස කරා යමින් සිටි ඔහු සිත් තැවුලට පත් ව දික්ඔය ඇළට පැන සියදිවි හානි කරගෙන ඇති බවත් වතු ප්‍රජාව පවසනවා.

හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව දික්ඔය ඇළෙහි තිබී මියගිය තරුණයාගේ සිරුර 12 වැනි දින ගොඩට ගනු ලැබුවා.

දේහය පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඔස්බොන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දේහය පැයකට ආසන්න කාලයක් මාර්ගයේ රඳවා විරෝධතාවේ නියැලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21