මුහුදේ අතහැර දැමුණු බීඩිකොළ හා විදෙස් දුම්වැටි තොගයක් සොයා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ සහ විදේශීය දුම්වැටි තොගයක් වයඹ මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ; පසුගියදා (21) කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම බීඩිකොළ තොගය සොයාගත් බවයි.

එහිදී මුහුදේ පාවෙමින් තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 2,129ක පමණ තොගයක් (‍තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි 9,980ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාව මගිනුයි මෙම වැටලීම සිදු කෙරුණේ.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩිකොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩිකොළ ‍‍තොගය සහ දුම්වැටි තොගය පිළිබඳ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10