මුලතිව් සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් – වාර්තාව හෙට (ඡායාරූප)

මුලතිව් – කොක්කුතුඩුවායි සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු අද (15) අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු තුළින් මිනිස් සිරුරුඅ 52කකට අදාක අස්ථි කොටස් ගොඩගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසූ බවයි.

මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය පැවති කොටසේ පවතින කොක්කුතුඩුවායි සමූහ මිනිවළ හෑරීම තුළින් අද මිනිස් සිරුරු පහකට අදාළ අස්ථි කොටස් ගොඩගත් බව ද සෝමදේව මහාචාර්‍යවරයා කියා සිටියා.

මහාචාර්‍ය්වරයා පැවසූවේ සිව්වන අදියර සම්පූර්ණ කැණීම් තුළින් අදාළ මිනිස් සිරුරු 12කට අස්ථි ගොඩගැනීම සිදුකළ බවයි.

සමූහ මිනිවළ කැණීම් කටයුතු මෙලෙස අවසන් කොට ඇති බවත්, එහි අවසන් වාර්තාව හෙට (16) දිනයේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කිරීමට නියමිත බවත් පුරාවිද්‍යා මහාචාර්‍යවරයා වැඩිදුරටත් සිය පර්‍යේෂණය ගැන සඳහන් කරමින් පැවසුවා.

ආරක්ෂක අංශ භාවිතා කරන පතුරම් උණ්ඩ කිහිපයක්, කැළෑ ඇඳුමකට සමාන ඇඳුම් කොටස්, කම්බි කොටස් කිහිපයක් හා එල්. ටී. ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට භාවිතා කළේ යැයි සැක කරන අංක තහඩු, සයිනයිඩ් කරලක් ද, සිව්වන අදියරේ මතුකර ගැනීමට හැකි ව ඇති බවත් සඳහන්.

සමූහ මිනිවළ අස්ථි කොටස් විහිදී ඇති බවට සැක කරන සමූහ මිනීවළ ආසන්නයේ පවතින මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය හෑරීමේ කටයුතු 05 වැනිදා ආරම්භ කළ අතර, හැරීම සිදුකළ මාර්ගයට අයත් සීමාවේ කැණීම් තුළින් අස්ථි කොටස් මතු කරගෙන තිබුණා.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධික්ෂණය යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව ඇතුළු කැණීම් නිලධාරීන් පිරිසක් මීට අද දිනයේ දී එක්ව සිටියා.

Kokkuthuduwai 14
Kokkuthuduwai 16
Kokkuthuduwai 17
Kokkuthuduwai 18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?