මුදල් වංචාවක සැකකරුවෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

මුදල් වංචාවකට අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු පසුගිය 11 වනදා සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුලී පදනම මත ලබාගත් කාමරයක රීගල්ස් සේල්ස් පුද්ගලික සමාගම නමින් වාහන වෙළඳාම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

එහි හිමිකරු ලෙසට පෙනී සිටි සැකකරු පසුගිය 20 වනදා වාහන මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙකුගෙන් රුපියල් හාරකෝටි පනස් පන්ලක්ෂයක මුදලක් ලබාගෙන අදාළ ලේඛණ සකස් කරන තෙක් රැඳී සිටින ලෙසට දන්වා මුදල් රැගෙන පළාගොස් ඇති බව සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකරුගේ ඡායාරූප කිහිපයක් ද පොලිසිය නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0718591588 අංකය ඔස්සේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙතට දැනුම්දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

WhatsApp Image 2023 12 28 at 13.09.58 1
WhatsApp Image 2023 12 28 at 13.09.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
4
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47