spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් වංචාවක සැකකරුවෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

මුදල් වංචාවකට අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු පසුගිය 11 වනදා සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුලී පදනම මත ලබාගත් කාමරයක රීගල්ස් සේල්ස් පුද්ගලික සමාගම නමින් වාහන වෙළඳාම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

එහි හිමිකරු ලෙසට පෙනී සිටි සැකකරු පසුගිය 20 වනදා වාහන මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙකුගෙන් රුපියල් හාරකෝටි පනස් පන්ලක්ෂයක මුදලක් ලබාගෙන අදාළ ලේඛණ සකස් කරන තෙක් රැඳී සිටින ලෙසට දන්වා මුදල් රැගෙන පළාගොස් ඇති බව සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකරුගේ ඡායාරූප කිහිපයක් ද පොලිසිය නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0718591588 අංකය ඔස්සේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙතට දැනුම්දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

WhatsApp Image 2023 12 28 at 13.09.58 1
WhatsApp Image 2023 12 28 at 13.09.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
4
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?