මුදල් කොල්ලයක් සිදුකර පලා යමින් සිටි සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට

මුදල් කොල්ලකෑමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් පිරිසක් ඊයේ (28) පෙරවරුවේ කුරුවිට, ගලහිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කඩුවක් සහ ගිනි අවියක් පෙන්වා නිවෛයන් බිය ගන්වා නිවසේ තිබූ රුපියල් දසදහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව අපරාධය සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂාකර තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, කඩුවක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 8000ක මුදලක් සොයා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 30,31 සහ 40 යන වයස්වල පසුවන රත්නපුර, කුරුවිට සහ පරකඩුව යන ප්‍රදේශවල අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (29) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?