මුදල් කොල්ලයක් සිදුකර පලා යමින් සිටි සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට

මුදල් කොල්ලකෑමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් පිරිසක් ඊයේ (28) පෙරවරුවේ කුරුවිට, ගලහිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කඩුවක් සහ ගිනි අවියක් පෙන්වා නිවෛයන් බිය ගන්වා නිවසේ තිබූ රුපියල් දසදහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව අපරාධය සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂාකර තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, කඩුවක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 8000ක මුදලක් සොයා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 30,31 සහ 40 යන වයස්වල පසුවන රත්නපුර, කුරුවිට සහ පරකඩුව යන ප්‍රදේශවල අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (29) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43