AFC Banner
Empty Ad
Empty Ad

මුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න

ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

“ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පෝලිම්වල ඉන්නවත්, කරුවලේ ඉන්නවත්, පයින් ඇවිදින්නවත් නෙමෙයි. මේ රට දියුණු කරලා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට තමයි ජනතාවගේ අපේක්ෂාව තිබුණේ. නමුත් අද 69 ලක්ෂයක් බලය දුන්නට, 69 ලක්ෂයට ඇහුම්කන් නෙමෙයි දෙන්නේ. එක පුද්ගලයෙකු ට  අද අහුම්කන් දීලා ඒ පුද්ගලයාගේ වැඩ කරගෙන යන්නේ.
ඒ නිසා මේ ජනතා අප්‍රසාදය වැඩි වෙලා තිබෙනවා. අද මිනිස්සුගේ තිබෙන අප්‍රසාදය කලකිරීම පුළුවන් තරම් අඩුකරන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට වෙන සංවර්ධන අටයුත්තක් භාරදීලා, මුදල් අමත්‍යාංශයේ කටයුතු ටික අග්‍රාමාත්‍යවරයාට භාර දීලා, අග්‍රාමාත්‍යවරයාට මේ රට ගෙනියන්නට අවස්ථාවක් ලබාදෙන්න. ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම හොබවන්නට කියෙන එක තමයි අපේ එකම ඉල්ලීම. මේ පෝලින් යුඟය තවදුරටත් ගමන් කළොත් මම හිතනවා අපේ ජනතාවට කබලෙන් ළිපට වැටෙන්නට සිදුවෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?