මුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න

ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

“ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ පෝලිම්වල ඉන්නවත්, කරුවලේ ඉන්නවත්, පයින් ඇවිදින්නවත් නෙමෙයි. මේ රට දියුණු කරලා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට තමයි ජනතාවගේ අපේක්ෂාව තිබුණේ. නමුත් අද 69 ලක්ෂයක් බලය දුන්නට, 69 ලක්ෂයට ඇහුම්කන් නෙමෙයි දෙන්නේ. එක පුද්ගලයෙකු ට  අද අහුම්කන් දීලා ඒ පුද්ගලයාගේ වැඩ කරගෙන යන්නේ.
ඒ නිසා මේ ජනතා අප්‍රසාදය වැඩි වෙලා තිබෙනවා. අද මිනිස්සුගේ තිබෙන අප්‍රසාදය කලකිරීම පුළුවන් තරම් අඩුකරන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට වෙන සංවර්ධන අටයුත්තක් භාරදීලා, මුදල් අමත්‍යාංශයේ කටයුතු ටික අග්‍රාමාත්‍යවරයාට භාර දීලා, අග්‍රාමාත්‍යවරයාට මේ රට ගෙනියන්නට අවස්ථාවක් ලබාදෙන්න. ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම හොබවන්නට කියෙන එක තමයි අපේ එකම ඉල්ලීම. මේ පෝලින් යුඟය තවදුරටත් ගමන් කළොත් මම හිතනවා අපේ ජනතාවට කබලෙන් ළිපට වැටෙන්නට සිදුවෙයි.”

  1. gon katha nokiya janathawata ratey dollar arbudayak aaway kohomada kiyalaa pahadili kaloth thamyi wadaa honda haandunne ! nathnam Ranil unnahe America wata yawala ehey ‘maha bankuwa’ kadaagena enna kiyanna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33