මුඛයේ තුවාල සහිත ඇත් පැටවෙකුට ප්‍රතිකාර

මුඛයේ ආබාධයක් සහිතව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරණ ඇත් පැටවකුට ප්‍රතිකාර ලබාදීමට නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ කටයුතු කළා.

එම ඇත් පැටවා කහල්ල පල්ලේකැලේ අභය භූමිය තුල ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මුඛයේ ආබාධ තත්ත්වයක් ඇති බවට ගල්කිරියාගම අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා.

මෙම ඇත් පැටවා වයස අවුරුදු පහක් පමණ වන බවටයි වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ.

අඩි එකහමාරක් පමණ උසැති හොඳින් වැඩුණු දළ යුගලයක් සහිත ඇත් පැටවා උස අඩි 5ක් පමණ වනවා.

වනජීවී පශු වෛද්‍යවරුන් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් සමඟ ඇත්පැටවාට අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ අතර ප්‍රතිකාර ලබා දීම සඳහා ඇත් පැටවා නිර්වින්දනය කිරීමට ද සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාව විශේෂ දැනුම්දීමක්
04:00
Video thumbnail
දිට්වාවලින් ආපදාවට පත්වූ ධීවරයින්ට වන්දි මුදල් ලබාදුන් අයුරු..හිටියට වැඩිය පියවරක් පනින්න
09:21
Video thumbnail
වෙන අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා..කිසිම සමාවක් නෑ
06:20
Video thumbnail
නුවරඑළියේ වසන්ත සැණකෙළියට දේශපාලන හැන්දකින් බෙදන විදුලිය නිසා බාධා
04:07
Video thumbnail
සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ධුරය හේෂා විතානගේට
00:11
Video thumbnail
එහෙම කිසි කෙනෙකුට චණ්ඩි පාට් දාන්න බෑ..පොලිසියෙන් දැඩි ප්‍රකාශයක්
02:50
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළට මහ සෙනඟක් එයි..මාල කඩන අය ඉන්නවා..වටිනා කියන දේවල් පරිස්සමින් තියාගන්න
02:21
Video thumbnail
මේ අය එළිමහනේ ඉන්න එපා..Heart Attack එකක් වුණත් හැදෙන්න පුළුවන්..බයානක තත්ත්වයක්
05:39
Video thumbnail
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17