ජනප්‍රිය ඉන්දීය ගායිකා ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවන විට ඇය 92 හැවිරිදි වියේ පසු වුණා.
මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේදී ඇය අද (12) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත් ආනන්ද් බෝස්ලේ තහවුරු කළා.
හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (11) රෝහල් ගත කෙරුණා.
1933 වසරේ ඉන්දියාවේ සංගීත පවුලක උපත ලැබු ආශා බෝස්ලේගේ වැඩිමහල් සහෝදරිය වන්නේ ඉන්දීය සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ලතා මංගේෂ්කාර් ය.













