ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරනවා.

මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට ද ඒ අනුව උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඊයේ (11) දිනයේත් ගම්බිම් බලා යෑමට මගීන් විශාල පිරිසක් කොටුව මධ්‍යම බස් නැවතුම, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණි සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18