රුපියල් බිලියන 02ක වන්දියක් ඉල්ලා මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරත හිමි විසින් කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ නඩුව අද (17) නිෂ්පභ කළා.
“දසත සර්ච් ලයිට්” හරහා අනාවරණය කළ පුවතක් හේතුවෙන් වලවාහැංගුණවැවේ ධම්මරත හිමියන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් මෙම නඩුව පනවා තිබුණා.
“දසත” මාධ්‍ය ආයතනයට සහ එහි කළමනාකරණ අධ්‍යක්ෂ පී.එස්.මධුසංඛ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
ඒ, අනුව අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.
ඊට අමතරව වලවාහැංගුණවැවේ ධම්මරත හිමි සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමට පනවා තිබූ වාරණ නියෝගය ද මේ සමඟ ඉවත්ව ගියා.
මෙම නඩුවට “දසත” මාධ්‍ය ආයතනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ඒ.ඩී.එච් ගුණවර්ධන, නීතීඥ චමින්ද කුමාර ගමගේ, නීතීඥ ශානක වර්ණකුලසූරිය ඉදිරිපත් වුණා.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, නීතීඥ මංජුල බාලසූරිය ඇතුළු නීතීඥ මණ්ඩලයක් ඉදිරිපත්ව සිටියා.





