මිහින්තලේ හිමි දසත මාධ්‍ය ආයතනයට පැනවූ අපහාස නඩුව නිශ්ප්‍රභ වෙයි

රුපියල් බිලියන 02ක වන්දියක් ඉල්ලා මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරත හිමි විසින් කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ නඩුව අද (17) නිෂ්පභ කළා.

“දසත සර්ච් ලයිට්” හරහා අනාවරණය කළ පුවතක් හේතුවෙන් වලවාහැංගුණවැවේ ධම්මරත හිමියන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් මෙම නඩුව පනවා තිබුණා.

“දසත” මාධ්‍ය ආයතනයට සහ එහි කළමනාකරණ අධ්‍යක්ෂ පී.එස්.මධුසංඛ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඒ, අනුව අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.

ඊට අමතරව වලවාහැංගුණවැවේ ධම්මරත හිමි සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමට පනවා තිබූ වාරණ නියෝගය ද මේ සමඟ ඉවත්ව ගියා.

මෙම නඩුවට “දසත” මාධ්‍ය ආයතනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ඒ.ඩී.එච් ගුණවර්ධන, නීතීඥ චමින්ද කුමාර ගමගේ, නීතීඥ ශානක වර්ණකුලසූරිය ඉදිරිපත් වුණා.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, නීතීඥ මංජුල බාලසූරිය ඇතුළු නීතීඥ මණ්ඩලයක් ඉදිරිපත්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39