මිලියන 500ක් ගම්මන්පිලට ගෙවන්නැයි හිරුණිකාට අධිකරණ නියෝගයක්

තමා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට තමා හට වන්දි ගෙවීමට අධිකරණයෙන් නියම වී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  (12) අනාවරණය කළා.

ඇයට ගෙවීමට නියම වී ඇති මුදල රුපියල් මිලියන 500ක් බවට යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඔහු මෙම අනාවරණය සිදු කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර යි.

ඇය මෙම ප්‍රකාශය 2015 වසරේ සිදු කළ බවත්, එම අපහාසාත්මක ප්‍රකාශයෙන් තමාට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා තමන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කළ  බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ තමන්ට මිලියන 500ක මුදලක් ගෙවන ලෙස දිසා අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට නියෝග කළ බව යි.

කෙසේ වෙතත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ නමුත් 2020 වසරේ නොවැම්බර් මස දී දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කරමින් මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළ බව යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් හට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවිය යුතු බවත්, එසේ නොගෙවන්නේ නම් ඇයගේ දේපළ වෙන්දේසි කරවා අදාළ මුදල අයකර ගැනීමට තමන්ට හැකියාව පවතින බවත් ඔහු අවධාරණය කළා.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවන විට තමන්ට පහර දීම නවතා ඇති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?