මිලියන 500ක් ගම්මන්පිලට ගෙවන්නැයි හිරුණිකාට අධිකරණ නියෝගයක්

තමා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට තමා හට වන්දි ගෙවීමට අධිකරණයෙන් නියම වී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  (12) අනාවරණය කළා.

ඇයට ගෙවීමට නියම වී ඇති මුදල රුපියල් මිලියන 500ක් බවට යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඔහු මෙම අනාවරණය සිදු කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර යි.

ඇය මෙම ප්‍රකාශය 2015 වසරේ සිදු කළ බවත්, එම අපහාසාත්මක ප්‍රකාශයෙන් තමාට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා තමන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කළ  බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ තමන්ට මිලියන 500ක මුදලක් ගෙවන ලෙස දිසා අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට නියෝග කළ බව යි.

කෙසේ වෙතත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ නමුත් 2020 වසරේ නොවැම්බර් මස දී දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කරමින් මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළ බව යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් හට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවිය යුතු බවත්, එසේ නොගෙවන්නේ නම් ඇයගේ දේපළ වෙන්දේසි කරවා අදාළ මුදල අයකර ගැනීමට තමන්ට හැකියාව පවතින බවත් ඔහු අවධාරණය කළා.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවන විට තමන්ට පහර දීම නවතා ඇති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළා

  1. ගම්මන්පිල හිරුනිකා එක්ක ඩීල් එකක් ගහලද දන්නෙත් නැහෙ . සල්ලි වෙනුවට වෙන විදියෙ දෙයක් ගන්න; මොකද ගම්මන්පිලත් කුකුලා, ඌත් ආසයි ; සුදු පාට ගෙම්බන්ට

  2. U should definitely enforce the order no matter what. Idiots like Hirunika should be taught a lesson they never forget. Mud slinging and foul mouthed outbursts by politicoes or anyone else must be put a stop to asap. This irresponsible woman with a big gob is a disgrace to all women and men too



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37