මිල්ටන් පහව යයි – සුන්බුන් ඉවත් කිරීමට අවම සති දෙකක්වත් ගත වන ලකුණු

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය ඇතුළු ප්‍රාදේශීය ප්‍රාන්ත රැසකට දැඩි හානි පමුණුවමින් හමාගෙන ගිය ‘මිල්ටන්’ සුළි කුණාටුව මේ වනවිට (11) ක්‍රම ක්‍රමයෙන් බටහිර වෙරළ තීරය ඔස්සේ එළියට ගමන් කරමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ දින දෙකක කාලය තුළ මිල්ටන් සුළි කුණටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදා මගින් පුද්ගලයින් 16 දෙනෙකුට සිය ජීවිත අහිමි ව ඇති බවයි.

මේ වනවිට ප්‍රාන්ත රජය මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ අලාභ හානි සඳහා පිරිවැය ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්ත රජය නිවේදනය කළේ; ඊයේ දිනය වන විට ප්‍රාන්තය හරහා පැයට සැතපුම් 101ක වේගයෙන් හමාගිය දැවැන්ත සුළි කුණාටුවෙන් නිවාසවල වහල ගැලවී, ගංවතුර තත්ත්වයක් ද ඇති බවත්; ජල සැපයුම හා විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ප්‍රාන්තයේ මිලියන 03කට ආසන්න ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම පවා අඩාල වී ඇති බවයි.

නමුත් මේ වනවිට මිල්ටන් සුළි කුණාටුව පහව යමින් පවතින පසුබිමක ප්‍රාන්ත වැසියන් සහ ආරක්ෂක අංශ එක්ව කඩා වැටුණු විදුලි රැහැන් කණු, ගොඩනැගිලි ආදියවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් රොයිටර්ස් වාර්තා කරනවා.

මීට සති දෙකකට පමණ පෙර හෙලේන් සුළි කුණාටුවෙන් ද ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වුණා.

මිල්ටන් සුළි කුණාටුවෙන් හෙලේන් කුණාටුව තරම් හානියක් නොවුණ ද; එය සාපේක්ෂව සුන්බුන් ඉවත් කිරීමට අවම වශයෙන් සති දෙකක් හෝ මාසයක කාලයක් ගත වනු ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?