මිල්ටන් පහව යයි – සුන්බුන් ඉවත් කිරීමට අවම සති දෙකක්වත් ගත වන ලකුණු

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය ඇතුළු ප්‍රාදේශීය ප්‍රාන්ත රැසකට දැඩි හානි පමුණුවමින් හමාගෙන ගිය ‘මිල්ටන්’ සුළි කුණාටුව මේ වනවිට (11) ක්‍රම ක්‍රමයෙන් බටහිර වෙරළ තීරය ඔස්සේ එළියට ගමන් කරමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ දින දෙකක කාලය තුළ මිල්ටන් සුළි කුණටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදා මගින් පුද්ගලයින් 16 දෙනෙකුට සිය ජීවිත අහිමි ව ඇති බවයි.

මේ වනවිට ප්‍රාන්ත රජය මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ අලාභ හානි සඳහා පිරිවැය ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්ත රජය නිවේදනය කළේ; ඊයේ දිනය වන විට ප්‍රාන්තය හරහා පැයට සැතපුම් 101ක වේගයෙන් හමාගිය දැවැන්ත සුළි කුණාටුවෙන් නිවාසවල වහල ගැලවී, ගංවතුර තත්ත්වයක් ද ඇති බවත්; ජල සැපයුම හා විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ප්‍රාන්තයේ මිලියන 03කට ආසන්න ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම පවා අඩාල වී ඇති බවයි.

නමුත් මේ වනවිට මිල්ටන් සුළි කුණාටුව පහව යමින් පවතින පසුබිමක ප්‍රාන්ත වැසියන් සහ ආරක්ෂක අංශ එක්ව කඩා වැටුණු විදුලි රැහැන් කණු, ගොඩනැගිලි ආදියවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් රොයිටර්ස් වාර්තා කරනවා.

මීට සති දෙකකට පමණ පෙර හෙලේන් සුළි කුණාටුවෙන් ද ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වුණා.

මිල්ටන් සුළි කුණාටුවෙන් හෙලේන් කුණාටුව තරම් හානියක් නොවුණ ද; එය සාපේක්ෂව සුන්බුන් ඉවත් කිරීමට අවම වශයෙන් සති දෙකක් හෝ මාසයක කාලයක් ගත වනු ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01