මිරිහානේ සිද්ධියට තවත් 26ක් රිමාන්ඩ්

මිරිහානේ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව රෝහල්ගත කෙරුණු 26 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ එම 26 දෙනා කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

ඒ අනුව එම පිරිස සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙලෙස අප්‍රේල් 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් පිරිසක් ඉකුත් 31 වනදා රාත්‍රියේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබුණි.

සිද්ධියේදී රුපියල් මිලියන 39ක පොදු දේපළවලට හානි සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21දෙනෙක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 15 දෙදෙනෙක් ව ඇප මත නිදහස් කළ අතර අනෙක් 6 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?