මිරිහානේ සිද්ධියට තවත් 26ක් රිමාන්ඩ්

මිරිහානේ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව රෝහල්ගත කෙරුණු 26 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ එම 26 දෙනා කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

ඒ අනුව එම පිරිස සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙලෙස අප්‍රේල් 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් පිරිසක් ඉකුත් 31 වනදා රාත්‍රියේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබුණි.

සිද්ධියේදී රුපියල් මිලියන 39ක පොදු දේපළවලට හානි සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21දෙනෙක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 15 දෙදෙනෙක් ව ඇප මත නිදහස් කළ අතර අනෙක් 6 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13