පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (12) කැඳවා තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයාට පසුගිය 09 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස
දැනුම්දීමක් සිදුකර තිබුණා.
කෙසේ වෙතත් ඔහු එදින අල්ලස් කොමිසම හමුවේ ඔහු පෙනී නොසිටි අතර, ඒ වෙනුවට අද (12) දින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම්දී තිබුණා.
2022 වසරේ සැප්තැම්බර් 08 සිට 2024 වසරේ සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට එවකට ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්බව කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම කැඳවීම අල්ලස් කොමිසම විසින් කර තිබෙනවා.
