පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනයන මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට
පැමිණ තිබෙනවා
එම කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද (12) දිනයේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.
2022 වසරේ සැප්තැම්බර් 08 සිට 2024 වසරේ සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට එවකට ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්බව කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම කැඳවීම අල්ලස් කොමිසම විසින් සිදුකර තිබෙනවා.
