Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බැලීම ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය විසින් අද (12) දින ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් පෙරේරාත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ පෙනී සිටියා.

එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ කොස්තාපල් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

2010 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක මුදලක් සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කර තිබූ අතර, එම මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

මෙහිදී රජයේ අධිනීතීඥවරිය අධිකරණයට කරුණු දක්වමින් අවධාරණය කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන කරුණු (B වාර්තාව) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින්, මෙම ඇප අයදුම්පත සලකා බැලීමට මාළිගාකන්ද අධිකරණයට බලයක් නොමැති බවයි.

මාළිගාකන්ද අධිකරණය හමුවේ ඇත්තේ මුල් පැමිණිල්ලේ විමර්ශන කටයුතු පමණක් බවද ඇය පෙන්වා දුන්නා.

ඊට විරෝධය පළ කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේ, මූලික කරුණු වාර්තා කිරීම සහ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග ලබා දුන්නේ මාළිගාකන්ද අධිකරණයෙන් බැවින් මෙම අධිකරණයට ඊට බලයක් ඇති බවයි.

කෙසේ වෙතත්, රජයේ අධිනීතීඥවරිය දැක්වූ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරිය, අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත නිශ්ප්‍රභ කළ අතර, එය නිශ්චිත අධිකරණ බල සීමාව සහිත අධිකරණයේ (කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ) ගොනු කරන ලෙසට පෙත්සම්කාරියට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්ට පුදුම අමාරුවක් තියෙන්නේ - මගේ කතාව නවත්තලා වින්දනයක් ලබනවද?
Video thumbnail
නාමල්ට එක නීතියකුත් ජයකොඩිට තව නීතියකුත් වෙන්නේ කොහොමද..?
00:48
Video thumbnail
චාමර යකා නටයි - බල්ලොන්ටත් බලු වැඩ කරපු ආණ්ඩුවක් මේක
23:54
Video thumbnail
ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේත් විශාල ගින්නක් හටගෙන
01:05
Video thumbnail
නාමල් සහ චාමර වෙනුවෙන් දයාසිරි පාර්ලිමේන්තුවේ දෙවනත් කරයි
21:05
Video thumbnail
මීහරකෙක් ගියාම තණකොළ තමයි පේන්නේ - ඇමති හර්ෂණ විපක්ෂයට රිදෙන්නම දෙයි
15:54
Video thumbnail
අගමැතිනි ඉස්සරහා තියාගෙනම සජිත් කිව්ව කතාව
16:14
Video thumbnail
උදෙන්ම පන්නිපපිටිය රත්කළ ගින්නේ ඔබ නොදුටු දර්ශන
03:00
Video thumbnail
රට පරිවර්තනය වෙන වෙලාවේ විපක්ෂයත් පරිවර්තනය වෙන්න ඕනේ
16:43
Video thumbnail
මහින්ද කවදාවත් නංගි පෙන්නලා අක්කා දුන්නේ නෑ
12:16