මිය යන්නට ගිය සර්පයාට කෘත්‍රීම ස්වසනය ලබා දී ජීවත්කර වූ හැටි (වීඩියෝ)

මිය යන්නට ගිය සර්පයෙක් කෘත්‍රීම ස්වසනය ලබා දී යළි ජීවත්කර වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා ප්‍රදේශයේ මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව ඇති අතර, වනජීවී නිලධාරියෙක් විසින් මෙලෙස සර්පයාට යළි ජීවිතය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අඩියක් පමණ දිගකින් යුත් විෂ නොවන පණ නැති සර්පයෙකු සම්බන්ධයෙන් වඩෝදරා ප්‍රදේශයෙන් ඇමතුමක් ලැබී ඇති අතර, එම ඇමතුමට අනුව අදාළ වනජීවී නිලධාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී කිසිදු චලනයක් නොපෙන්වා ඇති සර්පයා පරීක්ෂාකර බලා ඇති එම නිලධාරියා සත්වයාව අතට ගෙන කෘත්‍රීම ස්වසනය ලබාදීමට පටන්ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවස්ථා කිහිපයක් කෘත්‍රීම ස්වසනය ලබාදීමට කටයුතු කර ඇති අතර, එහිදී කිසිම චලනයක් නොපෙන්වා සිටි සර්පයා යළි පුනර්ජීවනය සංඥා කරමින් චලනයවීමට පටන් ගෙන තිබෙනවා.

මෙම අපූරු ගලවා ගැනීම අසල සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08