මිය යන්නට ගිය සර්පයාට කෘත්‍රීම ස්වසනය ලබා දී ජීවත්කර වූ හැටි (වීඩියෝ)

මිය යන්නට ගිය සර්පයෙක් කෘත්‍රීම ස්වසනය ලබා දී යළි ජීවත්කර වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා ප්‍රදේශයේ මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව ඇති අතර, වනජීවී නිලධාරියෙක් විසින් මෙලෙස සර්පයාට යළි ජීවිතය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අඩියක් පමණ දිගකින් යුත් විෂ නොවන පණ නැති සර්පයෙකු සම්බන්ධයෙන් වඩෝදරා ප්‍රදේශයෙන් ඇමතුමක් ලැබී ඇති අතර, එම ඇමතුමට අනුව අදාළ වනජීවී නිලධාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී කිසිදු චලනයක් නොපෙන්වා ඇති සර්පයා පරීක්ෂාකර බලා ඇති එම නිලධාරියා සත්වයාව අතට ගෙන කෘත්‍රීම ස්වසනය ලබාදීමට පටන්ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවස්ථා කිහිපයක් කෘත්‍රීම ස්වසනය ලබාදීමට කටයුතු කර ඇති අතර, එහිදී කිසිම චලනයක් නොපෙන්වා සිටි සර්පයා යළි පුනර්ජීවනය සංඥා කරමින් චලනයවීමට පටන් ගෙන තිබෙනවා.

මෙම අපූරු ගලවා ගැනීම අසල සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00