මියන්මාරයේ සරණාගතයින් නිරීක්ෂණයට ගිය මානව හිමිකම් කොමිසමට දොර වැසූ මුලතිව් ගුවන් හමුදා කඳවුර

මියන්මාරයේ සිට නීතිවිරෝධී ව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් පලා යාමට උත්සාහ කරමින් සිටි සරණාගතයින් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පසුගිය දා (23) මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබන ලෙසට අධිකරණයෙන් නියෝග කෙරුණු අතර එම සරණාගත පිරිස පිළිබඳ ව සොයා බැලීමට අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්‍යේෂණ හා අධීක්ෂණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබුණා.

නමුත් මුලතිව් ගුවන් හමුදා පාලනාධිකාරිය පවසා ඇත්තේ; ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට පරිශ්‍රයට ඇතුල් වීමේ අවසරයක් ලබා දිය නොහැකි බවයි.

විදෙස් රටකින් සරණාගතයින් පැමිණි ඕනෑම අවස්ථාවක දී ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම්, ආහාරපාන අර්බුද සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදු කිරීමට මානව හිමිකම් නීතිරීති යටතේ රටක මානව හිමිකම් කොමිෂන් සභාවකට පූර්ණ අයිතියක් ඇති පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දින සිදුවූයේ එසේ සරණාගත ව පැමිණි මියන්මාර වැසියන් ව නිරීක්ෂණය නොකර යළිත් පිටව ඒමටයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සහ සිදු වූ සිදුවීම පිළිබඳ ව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතට ද ලිපියක් මාර්ගයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.

සරණාගතයින් නිරීක්ෂණයට යාමට හැකි නොවීමෙන් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කණ්ඩායම පැය 04කට අධික කාලයක් කඳවුර පරිශ්‍රයේ රැඳී සිට ඇති බවත් වාර්තා වනවා.

මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකුට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් මෙරට උතුරුකරයේ මුහුදු තීරයට දෙසැම්බර් මස 19 වැනි දින පස්වරුවේ පැමිණියා.

දින ගණනාවක් ආහාරපාන හා ඖෂධ හෝ කිසිවක් නොමැතිව මෙම පිරිස රැගත් යාත්‍රාව මුහුදේ තිබියදියි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවේ.

සරණාගතයින් රැගත් යාත්‍රාවේ සිටි පිරිස් බොහෝ සෙයින් දුර්වලව සිටි බැවින් එම පිරිසට අවශ්‍ය ආහාරපාන හා ඖෂධ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙල්ලමුල්ලිවෛක්කාල් වෙරළ තීරයේ දී ලබා දුන්නා.

සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන් 20කට ආසන්න පිරිසක් සහ ගර්භණී කාන්තාවන් දෙදෙනකු ද සිටින බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් ඔවුන් ව අධිකරණ නියෝග ප්‍රකාර ව තාවකාලික රැඳවීම් සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙතට ගෙන ගියා.

අදාළ යාත්‍රාවේ සිටි 115 දෙනාගෙන් 12 දෙනෙකු කාර්ය මණ්ඩලය, කාර්මික ශිල්පීන් හා ධීවරයින් පිරිස වූ අතර එම 12 දෙනා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කළා.

මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙතට රැගෙන ගිය පිරිස් අතර ළමුන් 45 දෙනෙකු, වැඩිහිටි පිරිමි 34 දෙනෙකු හා වැඩිහිටි කාන්තාවන් 24 දෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම සරණාගතයින් මේ වනවිට මුහුණපා ඇති තත්ත්වය පිළිබඳ ව සොයා බැලීමටයි අද දිනයේ දී මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගිය අවස්ථාවේ දී ඊට මුලතිව් ගුවන් හමුදා කඳවුරෙන් අවසර හිමිව නැති බවට වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක් හමුවේ එම සරණාගතයින් පිරිසට මේ වනවිට ආධාර ලබාදීමට සිටින සිවිල් සහ ස්වේච්ඡා සංවිධානවලට හෝ ඊට අවස්ථාවක් නොමැති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සහ මානව හිමිකම් නීතියට පටහැනිව කටයුතු කිරීම පිළිබඳ ව විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එළඹෙන 31 වැනිදා පෙරවරු 10ට ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, මුලතිව් ගුවන් හමුදාවේ බලයලත් නිලධාරී හා ආගමන – විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසටත් නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?