AFC Banner
Empty Ad
Empty Ad

මියගිය බව්වා දරුවෙක් විලස නැවත එම ගෙදරම පිළිසිඳගනී

සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන කතා අදහාගන්නත් අමාරුයි. ඒ විදිහේ අරුම පුදුම කතාවක් ගැන අපිට අහන්න ලැබුණා. සුරතලයට ඇති කරපු සුනඛයෙක් මියගියාට පස්සේ එම ගෙදරම දරුවෙක් විදිහට උපත ලැබුවා කිව්වොත් ඒකට ටිකක් පුදුම දෙයක්. මේ සුනඛයාගේ අතේ තිබුණු උපන් ලපය ඒ විදිහටම එම ගෙදර ඉපදුනු දරුවාගෙත් තියෙනවා.

මේ ඒ කතාවයි…

එක්තරා යුවළක් විවාහ දිවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවි ගෙව්වා..

එයාලගේ ජීවිතය සර්ව සම්පූර්ණකල එක් ආදරණීය බව්වෙක් එයාලට හිටියා..

මෙයාලා කෙතරම් ආදරයෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගෙ සුරතලාට සැලකුයේ තමන්ගෙම දරුවෙක් ලෙසටයි.

කිසිම විටෙක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරයෙන් සලකපු එයාලට මේ බව්වා තමන්ගෙ හදවතින්ම දහස් ගුණයක ආදරේ එයාලාට ලබාදුන්නා.

මේ බව්වගෙ තිබූ තවත් එක් සුවිශේෂි ලක්ෂණයක් වුණේ එයාගේ අතේ තිබූ උපන් ලපයයි. එය ඔවුන්ගේ රටේ මතයකට අනුව බව්වට වගේම පවුලෙ අයටත් වාසනාවේ සලකුණක්ලු.

ඒ වගේම ආගමික කටුයතු වලදි පවා බව්වා වෙනුවෙන් ඔවුන් නිරතුරුවම එයාගෙ යහපත උදෙසා වැඩකරා.උපන්දින වෙනුවෙන් අසරණ බව්වන්ට උදව්කරා.

එහෙත් කාලය දෛවය නොසිතූ ලෙස හරස් වුණා. හිටිගමන් දැඩි රෝගාතුර වන මේ සුනඛයා සදහටම පවුලෙ අයව අතහැර යන්නේ ඒ ආදරණීය යුවල කියාගත නොහැකි වේදනාවකින් හඬවමින්.

හඬාවැළපෙන ඔවුන් ගෙමිදුලේම එයාව භූමිදානයකර එයා වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කළා..

බව්වා වෙනුවෙන් ඉහලින්ම දානමානාදිය දුන් වැන්⁣ග් මහත්මිය දෙවියන්ගෙන් දිගින් දිගටම පැතුවේ එකම එක ඉල්ලීමයි.ඒ තමන්ගෙ මිය ගිය බව්වා දරුවෙක් ⁣විලස නැවත තමන්ට ලබාදෙන ලෙසයි.

සති දෙකකට පසු ඇය ගැබ් ගත්තා.ස්වාමිපුරුෂයා ඇයට දැන් බව්වා වෙනුවෙන් නොහඬා දරු⁣වා වෙනුවෙන් මතකය අලුතෙන් පටන්ගන්න ලෙස දිගින් දිගටම ඉල්ලීම් කලා.

මාස 9 ට පසු ඇය දරුවා ප්‍රසූත කළා හැබැයි පවුලෙ සියල්ලන්ම දරුවා දැක විනාඩි කිහිපයකට ගල්ගැසුනා.

ඒ බව්වාගේ පිහිටා තිබූ උපන් සලකුණ ඒ අයුරින්ම කිසි වෙනසක් නොමැතිව දරුවාගේ ඒ අතේම පිහිටා තිබීමයි.

ඔවුන් පවසන ලෙස ඔවුන්ගෙ මියගිය සුනඛයා දරුවෙක් ලෙස නැවතත් ඒ ගෙදරටම පැමිණියා.

උපුටා ගැනීමකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
151
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?