මියගිය බව්වා දරුවෙක් විලස නැවත එම ගෙදරම පිළිසිඳගනී

සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන කතා අදහාගන්නත් අමාරුයි. ඒ විදිහේ අරුම පුදුම කතාවක් ගැන අපිට අහන්න ලැබුණා. සුරතලයට ඇති කරපු සුනඛයෙක් මියගියාට පස්සේ එම ගෙදරම දරුවෙක් විදිහට උපත ලැබුවා කිව්වොත් ඒකට ටිකක් පුදුම දෙයක්. මේ සුනඛයාගේ අතේ තිබුණු උපන් ලපය ඒ විදිහටම එම ගෙදර ඉපදුනු දරුවාගෙත් තියෙනවා.

මේ ඒ කතාවයි…

එක්තරා යුවළක් විවාහ දිවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවි ගෙව්වා..

එයාලගේ ජීවිතය සර්ව සම්පූර්ණකල එක් ආදරණීය බව්වෙක් එයාලට හිටියා..

මෙයාලා කෙතරම් ආදරයෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගෙ සුරතලාට සැලකුයේ තමන්ගෙම දරුවෙක් ලෙසටයි.

කිසිම විටෙක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරයෙන් සලකපු එයාලට මේ බව්වා තමන්ගෙ හදවතින්ම දහස් ගුණයක ආදරේ එයාලාට ලබාදුන්නා.

මේ බව්වගෙ තිබූ තවත් එක් සුවිශේෂි ලක්ෂණයක් වුණේ එයාගේ අතේ තිබූ උපන් ලපයයි. එය ඔවුන්ගේ රටේ මතයකට අනුව බව්වට වගේම පවුලෙ අයටත් වාසනාවේ සලකුණක්ලු.

ඒ වගේම ආගමික කටුයතු වලදි පවා බව්වා වෙනුවෙන් ඔවුන් නිරතුරුවම එයාගෙ යහපත උදෙසා වැඩකරා.උපන්දින වෙනුවෙන් අසරණ බව්වන්ට උදව්කරා.

එහෙත් කාලය දෛවය නොසිතූ ලෙස හරස් වුණා. හිටිගමන් දැඩි රෝගාතුර වන මේ සුනඛයා සදහටම පවුලෙ අයව අතහැර යන්නේ ඒ ආදරණීය යුවල කියාගත නොහැකි වේදනාවකින් හඬවමින්.

හඬාවැළපෙන ඔවුන් ගෙමිදුලේම එයාව භූමිදානයකර එයා වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කළා..

බව්වා වෙනුවෙන් ඉහලින්ම දානමානාදිය දුන් වැන්⁣ග් මහත්මිය දෙවියන්ගෙන් දිගින් දිගටම පැතුවේ එකම එක ඉල්ලීමයි.ඒ තමන්ගෙ මිය ගිය බව්වා දරුවෙක් ⁣විලස නැවත තමන්ට ලබාදෙන ලෙසයි.

සති දෙකකට පසු ඇය ගැබ් ගත්තා.ස්වාමිපුරුෂයා ඇයට දැන් බව්වා වෙනුවෙන් නොහඬා දරු⁣වා වෙනුවෙන් මතකය අලුතෙන් පටන්ගන්න ලෙස දිගින් දිගටම ඉල්ලීම් කලා.

මාස 9 ට පසු ඇය දරුවා ප්‍රසූත කළා හැබැයි පවුලෙ සියල්ලන්ම දරුවා දැක විනාඩි කිහිපයකට ගල්ගැසුනා.

ඒ බව්වාගේ පිහිටා තිබූ උපන් සලකුණ ඒ අයුරින්ම කිසි වෙනසක් නොමැතිව දරුවාගේ ඒ අතේම පිහිටා තිබීමයි.

ඔවුන් පවසන ලෙස ඔවුන්ගෙ මියගිය සුනඛයා දරුවෙක් ලෙස නැවතත් ඒ ගෙදරටම පැමිණියා.

උපුටා ගැනීමකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13