මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් අල්ලයි

වෙළඳපලට නිකුත් කිරීම සදහා යළි සකසා ඇසුරුම් කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් කැකිරාව ප්‍රදේශයේ නිවසක තිබී සිය භාරයට ගැනීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදී කැකිරාව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසක් තුළ දී යළි සකසමින් තිබියදී අදාළ සියඹලා තොගය ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකිව තිබෙනවා.

වැටලෑම සිදුවන අවස්ථාව වන විටත් අදාළ ව්‍යාපාරිකයින් එම සියඹලා තොගය පිරිසිදු කර යළි ඇසුරුම් කරමින් සිටි බව වටලීම් නිලධාරීහු පවසනවා.

මෙලෙස වෙළඳපලට නිකුත් කිරීමට සූදානමින් තිබූ සියඹලා තොගය ප්‍රමාණයෙන් කිලෝ 6000ක් පමණ වන බවද සෞඛ්‍ය බලධාරීහු කිපවසනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවැති කිලෝ 6000ක් පමණ වූ එම සියඹලා තොගය කිලෝ 20 බැගින් වූ ඇසුම්වල බහා වෙළදපලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

අදාළ සියඹලා තොගයේ සාම්පල ලබා ගැනිමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව ආහාර පනත යටතේ චෝදනා ගොනුකර අදාළ සියඹලා තොගය ද සමඟ කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව වැටලීම් නිලධාරීහු පවසන බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?