මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් අල්ලයි

වෙළඳපලට නිකුත් කිරීම සදහා යළි සකසා ඇසුරුම් කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් කැකිරාව ප්‍රදේශයේ නිවසක තිබී සිය භාරයට ගැනීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදී කැකිරාව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසක් තුළ දී යළි සකසමින් තිබියදී අදාළ සියඹලා තොගය ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකිව තිබෙනවා.

වැටලෑම සිදුවන අවස්ථාව වන විටත් අදාළ ව්‍යාපාරිකයින් එම සියඹලා තොගය පිරිසිදු කර යළි ඇසුරුම් කරමින් සිටි බව වටලීම් නිලධාරීහු පවසනවා.

මෙලෙස වෙළඳපලට නිකුත් කිරීමට සූදානමින් තිබූ සියඹලා තොගය ප්‍රමාණයෙන් කිලෝ 6000ක් පමණ වන බවද සෞඛ්‍ය බලධාරීහු කිපවසනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවැති කිලෝ 6000ක් පමණ වූ එම සියඹලා තොගය කිලෝ 20 බැගින් වූ ඇසුම්වල බහා වෙළදපලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

අදාළ සියඹලා තොගයේ සාම්පල ලබා ගැනිමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව ආහාර පනත යටතේ චෝදනා ගොනුකර අදාළ සියඹලා තොගය ද සමඟ කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව වැටලීම් නිලධාරීහු පවසන බව අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26