AFC Banner
AFC Banner
Empty Ad

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පිරිසකට නඩු

තලවාකැලේ නගරයේ වෙළඳසැල්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි පරීක්ෂාවකදී පරිභෝජනයට නුසුදුස ආහාර ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබෙනවා.

කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ නගරයේ ආහාර ද්‍රව්‍යය අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳසැල්, ආපන ශාලා සහ බේකරි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට ලක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොටගල සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී එස්. කේ සුදර්ශන් මහතා ඇතුළු එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මෙම හදිසි පරික්ෂාවට එක්ව තිබෙනවා.

මෙම හදිසි පරීක්ෂාවේදී තොග සහ සිල්ලර වෙලඳසැල් රැසකම අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබු කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍යය රැසක් සහ පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය රැසක්ම විනාශ කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගනු ලැබුවේ.

අපිරිසිදු අකාරයෙන් පිළියෙළ කර අලෙවි කිරීමට සූදානම් කර තිබු ආහාර රැසක්ද විනාශ කිරීමට පියවර ගත් අතර, අපිරිසිදු අකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය වෙලඳසැල් හිමියන්ට එම අඩු පාඩු සපුරා ගෙන පිරිසිදු අකාරයෙන් ආහාර පාන පිළියෙළ කරන ලෙසට සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආපන ශාලා හිමියන්ට අවවාද කර තිබෙනවා.

එම ආපන ශාලා යළිත් වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

කල් ඉකුත් වූ තිරිඟු පිටි සහ බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරමින් ආහාර නිෂ්පාදන කළ බේකරි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කළ අතර, එම පරීක්ෂාවේ දී එම ද්‍රව්‍යය සියල්ලක්ම විනාශ කිරීමට කටයුතු කළා.

මෙම හදිසි පරීක්ෂාවේදී කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන් සහ අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළඳුන් රැසකට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස් .කේ. සුදර්ශන් මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?