මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පිරිසකට නඩු

තලවාකැලේ නගරයේ වෙළඳසැල්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි පරීක්ෂාවකදී පරිභෝජනයට නුසුදුස ආහාර ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබෙනවා.

කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ නගරයේ ආහාර ද්‍රව්‍යය අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳසැල්, ආපන ශාලා සහ බේකරි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට ලක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොටගල සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී එස්. කේ සුදර්ශන් මහතා ඇතුළු එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මෙම හදිසි පරික්ෂාවට එක්ව තිබෙනවා.

මෙම හදිසි පරීක්ෂාවේදී තොග සහ සිල්ලර වෙලඳසැල් රැසකම අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබු කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍යය රැසක් සහ පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය රැසක්ම විනාශ කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගනු ලැබුවේ.

අපිරිසිදු අකාරයෙන් පිළියෙළ කර අලෙවි කිරීමට සූදානම් කර තිබු ආහාර රැසක්ද විනාශ කිරීමට පියවර ගත් අතර, අපිරිසිදු අකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය වෙලඳසැල් හිමියන්ට එම අඩු පාඩු සපුරා ගෙන පිරිසිදු අකාරයෙන් ආහාර පාන පිළියෙළ කරන ලෙසට සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආපන ශාලා හිමියන්ට අවවාද කර තිබෙනවා.

එම ආපන ශාලා යළිත් වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

කල් ඉකුත් වූ තිරිඟු පිටි සහ බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරමින් ආහාර නිෂ්පාදන කළ බේකරි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කළ අතර, එම පරීක්ෂාවේ දී එම ද්‍රව්‍යය සියල්ලක්ම විනාශ කිරීමට කටයුතු කළා.

මෙම හදිසි පරීක්ෂාවේදී කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන් සහ අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළඳුන් රැසකට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස් .කේ. සුදර්ශන් මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51